077 2583 942
kadullabooks@gmail.com
අවියෙන්  ලියු  අකුරු.(Ayutha Eluththu )
අවියෙන් ලියු අකුරු.(Ayutha Eluththu )
සාත්ත්‍රි-SATHIRI.
ජි. ජි .සරත් ආනන්ද ,ලරිනා අබ්දුල් හක්.
Rs:1,200.00 Rs:1,500.00
වසර ගණනාවක් රට වෙළාගෙන පැවැති ජාතික ප්‍රශ්නය තේමා කරගනිමින් උතුරේ ලේඛකයන් විසින් ලියන ලද ග්‍රන්ථ රැසක් මෑත කාලයේ ඉන්දියාවේදී ප්‍රකාශයට පත්ව තිබේ. එම ග්‍රන්ථ අතර 2015 වසරේ දී ප්‍රකාශයට පත් වූ සාත්ත්‍රිගේ 'ආයුද එළුත්තු' නම් නවකතාව සුවිශේෂී ස්ථානයක් හිමිකරගෙන ඇත. එය මේ වන විට ඉන්දියාව පමණක් නොව ලොව බොහෝ රටවල දමිළ පාඨක හා විචාරකයන්ගේ අවධානයට ලක් වූ නවකතාවකි. මේ එහි සිංහල පරිවර්තනයයි ජාතික ප්‍රශ්නය 'ආරම්භක ජවනිකාවල' සිට අවසන් කාලය දක්වා සිදු වූ විවිධ සිදුවීම් ඔස්සේ විකාශනය වන මෙම පරිවර්තන නව කතාවේ විශේෂත්වයක් නම් අසා තිබෙන සහ දැක තිබෙන බොහෝ ප්‍රකට සිදුවීම්වල අප නොදන්නා 'තිරය පසුපස' සත්‍ය සිදුවීම් රැසක් නිරූපණය කිරීමට මෙමඟින් කතුවරයා උස්සක වී තිබීමයි. මෙය මෙරට ඓතිහාසික නවකතාවක් යැයි හැඳින්වුව ද වරදක් නොවන්නේ එබැවිනි. කලක් L.T.T.E. සංවිධානයේ සාමාජිකයකු වශයෙන් ද කටයුතු කර තිබෙන මෙහි කතුවරයා එහිදී තමන් ලද බොහෝ අත්දැකීම් නවකතාව ලිවීමේදී උපයෝගී කරගෙන තිබෙන අතර ඔහු මෙම කෘතිය තුළින් නවකතාවේ දුෂ්ටිකෝණය පිළිබඳ කිසියම් අත්හදා බැලීමක් ද සිදු කරයි .
Cart Added