භාෂාව සහ සාහිත්‍යය ජිවිතයේ නොමැකෙන සලකුණක් කර ගත් ඔහු .. ඔහු සිටියේ පොත් පත් වලින් පිරුණු තැනකය.පොත් පත් ඔහු වට කරගෙන සිටියේ ය.ගෙදර තිබුණු හැම කාමරයක්ම සුවිශේෂී විය .ඒ හැමතැනකම විසිතුරු දේ වෙනුවට පොත් පත් සිය අණසක පතුරුවා තිබිණි.ඒ සුවිශේෂී බව නිසා නිවස අලංකාර විය.ඔහුට නිවස ප්‍රිය උපදවන තැනක් විය .මේ සියල්ලෙහි උරුම කරුවා අන් කවරෙකු වත් නොව අග්‍රගන්‍යය සාහිත්‍යයධර “වලෙන්තීන් කතායෙව් ” වේ.
පුස්තකාලය ක් බදු නිවසක් තිබීම ගැන ඔහු පසුකලෙක පැවසුවේ ඔහුගේ භාග්‍යයේ පිවිසුම එය වූ බව යි. එහි පුෂ්කීන්,ලර්මොන්ටොව්,ගොගොල්,චෙකොෆ්,තුර්ගෙනිව්,නෙකරාසොව්, ලෙස්කොව්,ආදීන් විසින් රචිත ඓතිහාසික හා විමර්ශන සාහිත්‍යය කෘති මෙන්ම සම්භාව්‍ය සාහිත්‍යය කෘති රාශියක් තිබිණි . දෙමාපියන් දෙදෙනාම සම්භාව්‍ය සාහිත්‍යය ට ඇල්මක් තිබුණු අය විය .ඒ භාග්‍යය ද හේතු කොට ගෙන ඔහුත් පවුලේ සෙසු අය ද උසස් කෘති මෙන්ම උසස් රසඥතාවයක් ඇත්තවුන් විය.
කතායෙව් පවසන පරිදිම ඔහු ඉතා කුඩා කුඩා අවධියේ සිටම ලිවීම ආරම්භ කළ අයෙකි. ළමා වියේ සිට ම ඔහු ගේ ලේඛකයකු වීමේ ඉරණම කෙටි තිබිණි. ඔහු මහත් සේ පුෂ්කින්ගේ නිර්මාණ වලට ඇලී සිටි අයෙකි . ඒ පිළිබඳ සටහන් කිහිපයක්ම ඔහු ඔහුගේ පාසල් සටහන් පොත තීරු දෙකකට බෙදා සටහන් කළේය . මේවා අතර අලංකාර ගාථා, අභිලේඛන, නවකතා රැසක් විය. මේ කිසිදු උදාහරණයක් අද සොයා ගන්න නොමැති බව අපගේ අවාසනාවය .මුල් ළමාවියේ සිටම කතා යෙව්ගේ චරිතය තුළ විවිධ රේඛා දකින්නට තිබිණි. ක්ෂණික ව ක්‍රියාත්මක විය යුතු තැන්වලදී ,විස්මය ගැන ඔහු ක්‍රියා කරන්නේ සිතන්නේ අපූරු පරිද්දෙනි. ඔහු සිතන පතන බොහෝ දේහී අපූර්ව බව සහ සෞන්දර්යාත්මක බව තවරා තිබුණේ ය.සිනහව හැම විටකම ඔහුට ආභරණයක් විය .හැමවිටම සිනහව පිරුණු මුහුණ ක් ඔහුට තිබිණි .මොස්කව් සහ පෙරෙඩෙල්කින් හි අවුරුදු 64 ක ජීවිතයක් ගත කළ කතායෙව් ඔහුගේ ජීවිතය අවසානය දක්වාම “ඔඩෙසයිට්” ජාතිකයෙකු වීය .භාෂාව සහ සාහිත්‍යය විෂයට හේ දැඩි ඇල්මක් ඇත්තෙක් විය.පියාගේ උපකාර ඇති ව රුසියානු හා යුක්‍රේන සාහිත්‍යය ඉගෙන ගත්තේ ය.නිවස අසල වීදියේ දී ඔහුට ග්‍රීක, රුමේනියානු සහ ජිප්සි වචන මිශ්‍ර වූ යීදිෂ් සහ නාගරික පලස්තීන වාක්‍ය නිතර ඇසුනි.
ඔහු ඒවා ගැන ඉගෙන ගන්න ට බොහෝ ආසා කලේ ය.සිය පියා ඔහුට මේ සියල්ල ටම මහත් අත්වැලක් වූවේ වාසනාව මිටින් ගත් අයෙක් බවට ප්‍රත්‍යක්ෂ කරමිනි .”ඔඩෙස්සා යේ” භාෂාව බොහෝ දුරට කතායෙව් ගේ සාහිත්‍ය භාෂාව බවට පත් විය . “ඔඩෙස්සා ” යනු “වලෙන්තීන් කතායෙව් ” ගේ බොහෝ කෘති සඳහා පසුබිමක් පමණක් නොව ඔහුගේ අංග සම්පූර්ණ වීරයා විය .කතායෙව් ගේ පළමු ප්‍රකාශය වූයේ “ඔඩම්ස්කි වෙස්ට්නික් නම් පුවත්පතේ 1910 ප්‍රකාශයට පත් කරන ලද “ඔටම්ස්” නම් කවියයි. රුසියානු ජනතාවගේ සංගමයේ ඔඩෙස්සා ශාඛාවේ නිල ආයතනය ඊළඟ වසර දෙක තුළ කතායෙව් ගේ කව්i විසිපහකට වඩා වැඩි ප්‍රමාණයක් ඔඩෙස්සා හි ප්‍රකාශයට පත් විය .
1912 කතාෙව් පළමු කුඩා හාස්‍යජනක කතා “ඔඩෙස්සා බුලටින් හී ප්‍රකාශයට පත් කළේය .තරුණ ඔඩෙස්සා ලේඛකයින්ගේ ප්‍රසිද්ධ කවයේ ආරම්භය සනිටුහන් කළ යූරි ඔලේෂා සහ එඩ්වඩ් බැග්‍රිට්ස්කි කතායෙව් ගේ ළඟම මිතුරන් විය .කතායෙව් ගේ බොහෝ කෘති අතර ශේන්යා සහ හත් පෙති මලේ කතාව ලොකු කුඩා කා අතරත් ප්‍රකට විය .ඉන්පසුව යොවුන් කතා ,නවකතා බොහෝමයක් ඔහු අපට තිළිණ කළේය .
“සීතල සුළං රැල්ලක්
හත්පෙති මලක් ගෙනෙන තෙක්
නන්නාදුනන මිත්තනියක්
හත්පෙති මලක් ගෙනෙන තෙක්
අද මග බලනඅය කොතෙක් ඇති ද?
වලෙන්තීන් කතායෙව් ඔබ මට වීරයෙක්……
සම්මානී විජේසිංහ