හේමන්ත සන්ධ්‍යාවක, නිකොලයිව්ස්කි දුම්රිය පොළෙන් මොස්කව් බලා යන දුම්රිය පිටත් වේ. දුම්රියපොළහි අවන්හල් තුළ, ජනී ජනයාගෙන් පිරී ඉතිරී දැඩි තදබදයක් හා ඝෝෂාවක් පැවතුණි. සෑම අයෙකුම කෑමට හා බීමට උවමනාවටත් වඩා හදිසි වන බවක් පෙනෙන්නට තිබිණි. මේ තදබදය තුළද හැම දෙනෙකුම වාගේ පැලඳ සිටියේ ඉතා උණුසුම් ඇඳුම් විය.තතාර් ජාතික සේවකයින් ආහාර බඳුන් අතැතිව ,කඩිසර ගමනින් එහා මෙහා යමින් සිටියෝ ය. අවන්හල් පුරා පැතිරුණු ආහාර සුවඳ මුසු වාතය කෙතරම් නම් ඝණ හා උණුසුම් වූයේ ද……
Reviews
There are no reviews yet.