නරකක් සිදු වුණොත් පිහි මලකඩ කාවී. ඉතින් විපතට වැටුණු කොට උදව්වීමට අනෙකා එන්න ඕන. ටික කලකට පස්සෙ දෙදෙනාම නුග ගහ ළඟට ඇවිත් පිහි ගැන හොයා බැලීමට පොරොන්දු වුණා. පසුව දෙදෙනාම දෙපැත්තට යන්නට ගියා.
අයියා දවස් දෙකක් ගමන් කළා. කිසිම දඩයම හොයාගන්න බැරි වුණා.තුන් වැනි දවසේ අයියා රජ මාලිගාවක් දැක්කා. මාලිගාව බොහොම ලස්සනයි. මාලිගා බිත්ති තේක්ක ලීයෙන් හදලා. ඉස්සරහ පැත්ත බුරුත ලීයෙන් හදලා.මාලිගා කුළුන බොහොම උසයි . අහල පහල කවුරුවත් පේන්න හිටියේ නෑ. මාලිගාව ඇතුළේ කුමාරියක් හිටියා
“කුමරිය මෙහි සිටිය මිනිස්සු කොහේ ගියාද?”කියලා අයියා ඇහුවා.
“දිග අං තියෙන සුදු මුවා අල්ලා ගන්නට ඌ පස්සේ දිව්වා .ඒ ගොල්ලො හැමදෙනාම හිටි හැටියේම ගල් ගැහුනා.මගේ පිය රජතුමාත් පර්වතයක් වුණා. “කුමරිය කිව්වා.
“කුමරිය කනගාටු වෙන්ට එපා.ඒ ගොල්ල ගියේ උදව් කාරයෝ නැතුව නේද? ”
“බලන්න මා ළඟ ඉන්න සතුන් දිහා සුදු මුවාව අල්ලාගෙන රජතුමාට නැවත පණ ලබාදෙන්නම්.කියලා අයියා කුමරිය සැනසුවා.
Reviews
There are no reviews yet.