කුකුළා රජතුමා හමුවෙන්න ගියා.
කුකුළා ගමනට පිටත් වෙලා යනකොටම වලසකු හමුවුණා.
වලසා කුකුළාගෙන් ඇහුවා “කොහෙද යන්නේ”? කියලා.
“රජ්ජුරුවෝ අනාථ ළමයින්ගේ ගල් වංගෙඩි උදුරා ගත්තා.මම ඒක ගේන්නට යනවා.”
“නුඹේ උදව්වට මාත් එනවා.” වලසා කිව්වා.
“එහෙනම් නුඹ මගේ දකුණු අත් තටුව යටට රිංගපන්”කුකුළා වලසාට කිව්වා.
වලසා කුකුළාගේ දකුණු අත් තටුව යටට රිංගුවා.
රතු කරමලා වලසාත් කිහිළි ගන්නාගෙන මාලිගාව දිහාට යනවා.
ඔහොම යනකොට කුකුළාට වෘකයෙක් හමුවුණා. “රතුකරමාලා යන්නේ කොහෙද “වෘකයා ඇහුවා.
“රජ්ජුරුවෝ අනාථ ළමයි දෙන්නාගේ ගල් වංගෙඩිය බලෙන් උදුරාගත්තා. ඒක ගේන්නට යනවා.”
“නුඹට උදව් වෙන්න මමත් එන්නම්.”වෘකයා කිව්වා .
“එහෙනම් නුඹ මගේ වම් අත්තටුව යටට රිංගපන්”
Reviews
There are no reviews yet.