එකෝමත් එක රටක පූසෙකුයි , කුරුල්ලෙකුයි .කුකුළෙකුයි හිටියා. කැලයක් ලඟ පැළක මේ තුන් දෙනා ජීවත් වුණා. පූසයි කුරුල්ලයි ගස් කපන්නට කැලේට යන්නට ලෑස්ති වෙලා කුකුළාට මෙහෙම කීවා.
“අපි බොහොම දුර ගමනක් යනවා. උඹ ගෙදර දොර බලා කියාගෙන ඉදපන්. හිවලා එනවා දැක්කොත් සද්ද නොකර ජනේලෙන් එළියට බෙල්ල දාන්නේ නැතුව ඉඳපන්.”
පූසයි කුරුල්ලයි ගෙදර නැති බව හිවලා දැනගත්තා. පැල ළඟ වාඩිවෙලා සිංදුවක් කියන්න පටන් ගත්තා.
“රන් කුකුළෝ, රන් කුකුළෝ
දිලිසෙන පොඩි හිසක් ඇතේ.
තද රතු කර මලක් ඇතේ.
ආදර මගේ රන් කුකුළෝ.
එබී බලන්නකො පොඩියක්.
මෙන්න උඹට මුංගුලික් !”
Reviews
There are no reviews yet.