ගඟ අද්දර දෙමට ගහේ
කුකුළු ගෙයක් පුංචි පහේ
කිකිළිය සමඟින් සතොසේ
විසුවා කුකුළෙක් සුවසේ.
සීතල සමයක් යෙදුණා
ගඟ දිය පදමට මිදුණා
හිම මත සෙල්ලම් කරන්න
කුකුළට ආසා හිතුනා
කුකුළා හරි දඟකාරයි
කිකිළිය නම් සැර පාටයි
ගං ඉවුරේ ඇවිදින්නට
පවා ඉඩක් නැති පාටයි
හිම හොඳටම ලිස්සනවා
දියට ගියොත් යට වෙනවා
ඈ දැනමුතුකම් දෙනවා
කුකුළා ගෙයි ලතවෙනවා.
Reviews
There are no reviews yet.