වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් හා ඔවුන්ට ප්‍රීතිමත් ජීවිතයක් උදාකරලීම සඳහා වු අරගලයට සිය මුළු ශක්තිය හා බුද්ධිප්‍රභාව කැප කළ මිනිසෙකු වූ, ලෙනින්ට ජනතාව තුළ අසීමිත ආදරයක් ඇත. ලොව මුළුල්ලෙහිම ඔහුගේ නම් ගෞරවයෙන් සිහිපත් කෙරේ. එය නිර්ධන පංතිවිප්ලවල, සමාජවාදය හා ප්‍රගතියේ සංකේතයක් වී ඇත. ලෝකය යළි කොමියුනිස්ට්වාදී ලෙස ගොඩනැගීමේ සංකේතයක් වී ඇත. ලෝකය ඉතිහාසයේ ගමන් මඟ කෙරෙහි ලෙනින්ගේ අමරණීය අදහස්වල බලපෑම වැඩි වෙමින් පවතී. ලෙනින්ගේ නාමය ඔහුගේ ශ්‍රේෂ්ඨ අභිප්‍රාය හා ඉගැන්වීම් අමරණීයයි. ඒවා සදාකල් ජීවත් වනු ඇත. ලෙනින්ගේ සද්ව්‍යාපාරය අපරාජිතය.
Reviews
There are no reviews yet.