කිර්ගීසියාවේ සමුහ ගොවිපල ආශ්‍රිතව දිගහැරෙන මෙම කතාවෙන් සෝවියට් දේශය ගොඩනැගීමේ අතිශය දුෂ්කර ක්‍රියාවලියේ එක් ජවනිකාවක් අප වෙත ඉදිරිපත් කරයි .
චිංගීස් අයිත්මාතව්ගේ ප්‍රධානතම කෘතියක් ලෙසින් සැලසෙන සැලකෙන මෙම නිර්මාණයට 1969 දී රුසියානු සමූහාණ්ඩුවේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිවිය .මෙම කෘතිය මුල් රුසියානු කෘතියෙන් සෘජුවම සිංහල නඟා ඇත නිසාම එහි රසය එලෙසින්ම ආරක්ෂා වී තිබීම ප්‍රශංසා කටයුතුය.
කටකලියව උරමත දමාගත් තනබායි තණ බිම හරහා ඇවිද ගියේ ය . කම්මුල් හරහා බේරුණු කඳුළුවලින් යට රැවුල තෙත්විය. එහෙත් ඔහු කඳුළු පිස දැමුවේ නැත. ඒ කඳුළු ගලා ගියේ ජවාධික ගුල්සාරි වෙනුවෙනි . මහල්ලා කඳුළු අතරින් ඒ නව උදෑසන කඳු ගැටයට උඩින් ඉක්මනින් පියඹා ගිය අළුපාට හුදකලා පාත්තයකු දෙස බැලුවේ ය. වේගය වැඩි කළ පාත්තයා ස්වකීය රෑනට එක වූයේ ය.
“ඉගිලියන්! .ඉගිලියන්!.” තනබායි මිමිණුවේ ය. “පියාපත් වෙහෙසට පත් වෙන්න කලින් තමන්ගෙ රංචුවට එකතු වෙයන්” ඉක්බිති සුසුමක් හෙළු ඔහු මෙසේ කීවේ ය.
“ඉතින් ආයුබෝවන් ගුල්සාරි!.”
ඔහු නොනැවතී ගමන් කළේ ය. ඒ පැරණි ගීය ඔහුගේ සවන් වැකුණේ ය.
Reviews
There are no reviews yet.