ඉන්පසු සමතලා බිමෙහි ඔහු වාඩි විය. තම බිරිඳ පටු පාර දිගේ හෙමින් හෙමින් ගේ දෙසට එනවා ඔහු දුටුවේ ය.ඈ ව්‍යාකුලව සිටින්නාක් මෙනුත් , ඇගේ පියකරු මුහුණ සොවින් බර වුවක් මෙනුත් පෙනිණි . ඇගේ දෑසේ කඳුළු පිරී තිබුණි. ඈ තවදුරටත් කෙට්ටු, සුකුමාර, සුදුමැලි මුහුණක් ඇති කෙල්ලක් මෙන් නොව මුහුකුරා ගිය ශක්ති සම්පන්න සුන්දර කාන්තාවක් මෙනි.තාම ජීවිතේ පළවෙනි වතාවට දුටුවක් මෙන් පළ වූණු නව සුන්දරත්වය ඔහු දුටුවේය.ඔවුන් සමතලා බිමේ වාඩි වී දවල් කෑම ගන්නා විට,යුලියගේ පියකරු ගෙල දෙස දෙස බලා සිටි යාර්ත්සේෆ්ගේ මුව’ග ප්‍රීතියෙන් ප්‍රමුදිත ලැජ්ජාසහගත මද සිනහවක් රැඳී පැවතිණි.ලාප්තෙෆ්ට ඔහු දෙස නොබලා සිටිය නොහැකි විය. ඉදිරියට ඇති තව අවුරුදු දහතුන හෝ තිහ ගැන ඔහු සිතන්නට විය . ඒ කාලය තුළ බොහෝ දේ සිදුවිය හැකිය. අනාගතයේ කුමක් වෙත්දැයි කවුරු දනිත් ද ? “අපි ඉඳලා බලමු” ඔහු සිතුවේය .
Reviews
There are no reviews yet.