වෘකයින් ගේ දත් තියුණුයි . පාද ශක්තිමත්,වෘකයාට බොහොම වේගයෙන් දුවන්නත් පුළුවන්. ඌට අහුවුනා නම් නරි පැටියාගේ අවසානයේ. මොකද නරියාගේ ලොකුම හතුරා තමයි වෘකයා.
ඔහොම කාලය ගෙවිලා ගිහිල්ලා සරත් සමය උදා වුණා. නරි පැටව් හැදිලා වැඩිලා ගොඩක් ලොකු වුණා. උන් දඩයම් කරන්නත් සතුරන්ගෙන් බේරෙන්නත් ඉගෙන ගත්තා. දැන් උන් දන්නවා තමන්ගේ හැම වැඩක්ම තනියෙන් කරගන්න. ඉතින් කැලේ නොයෙක් පැතිවලට විසිරිලා ගිහින් දැන් තනියම තමන්ගේ ජීවිත ගත කරනවා.
Reviews
There are no reviews yet.