කිඹුල් නයිදේ ගිනි නිවන හමුදාවේ
රෑ දවල් උදේ හවස වෙලාවේ
පාන්, රොටී, කැවුම් මුහුදට විසිකරලා
ගිනි නිවයි කිඹුල් කඳුළු වගුරවලා
ඇවිත් කිකිළියෝ දෙදෙනෙක්
හැලුව වතුර පීප්පයක්
දෙන්නෙක් තලපත් පැටවුන්
හැලුවා වතුර ජෝගුවෙන්
ගෙම්බෝ දෙන්නෙක් ආවා දුවගෙන
වතුර බාල්දිය පෙරලුවා හිටගෙන.
සමනලයා ඔන්න ආවා .
ලස්සන තටු දෙක වැනුවා
මුහුදේ මහා ගිනි නිවුණා
මුහුදු ජලය සිසිල් වුණා
Reviews
There are no reviews yet.