ඇස්වලින් රූ පෙරා
රැස්ගගුල් තුල හොරෙන් ගිලෙමි
රශ්මි රන් නෙත් කැලුම්
පස්සේ අරගන්නටත් තියමි .
වස්සානයක රැදී
තිස් පැයේ තෙමි -තෙමි දැවෙමි .
ගස් බලටුවල පවා
ලස්සනම ගැහැනු ඇග දකිමි .
පස් මහා බැලුම් ලා
ඇස් පියල්ලක පහස සොයමි .
ඉස්තරම් මගුල් කා
හස්තයෙන් මධු සමය විදිමි .
Reviews
There are no reviews yet.