දේශපාලන පොලීසියේ වැඩ ඇල්ලීම යළිත් උත්සන්න වෙමින් පවතී. එය ජන ජීවිතයේ පැවැත්මට තර්ජනයකි. අමන පාලක පැලැන්තියකින් නිදහස් වීමට රටවැසියනට ඇති අයිතිය පාගා දැමීමකි. නීතියේ ආරක්ෂකයා විය යුතු පොලීසිය දේශපාලකයාගේ ආරක්ෂයා වීම ආරම්භ වන්නේ කොතැනකින්ද? එහි ස්වභාවය කෙසේ වීද? මේ ගවේෂණාත්මක වාර්තාවෙන් සොයා බැලෙන්නේ එයයි. මෙය දශක තුනකට ආසන්න කාලයක වෙහෙසකි.1981 යාපනය ගිනි ලෑම ගැන සිංහලෙන් ලියැවෙන මුල්ම ගවේෂණාත්මක කෘතියද වන්නේය.පාලකයන් බංකොළොත් කළ අඳුරු රටක වෙසෙන ජනයාට ඉසුරුමත් හෙට දවසක් උදා කර ගැනීමට යන මේ ගමනට මෙම කෘතිය බලවත් ආලෝකයක් සපයනු ඇත.
නන්දන වීරරත්න,පුරෝගාමී වාර්තාකරුවෙකි: වර්තා චිත්‍රපට කරුවෙකි: ඔහු සති අග අරුණ,මව්බිම,රාවය,නියමුවා,සීනුව හා කම්කරු මාවත ඇතුළු පුවත්පත් ගණනාවකට ගවේෂණාත්මක වාර්තා හා විශේෂාංග රචනා කෙළේය. ලෝක පුවත්පත් සේවයක් වන බීබීසී හි සංදේශය ගුවන්විදුලියේ වැඩසටහන් සම්පාදකයෙකු ද විය.
Reviews
There are no reviews yet.