සෝවියට් රුසියානු සමුහාණ්ඩුවේ ගෆූර් ගුල්යාම් (Gʻafur Gʻulomovich Gʻulomov – 1903 මැයි 10 – 1966 ජුලි 10) විසින් රචනා කළ A Bundle of Mischief නම් කෘතියේ සින්හල පරිවර්තනය ය ‘මගේ හපන්කම්’ ය. ලෝකයේ කොතැනක සිටියත් කවර කලෙක වුවත් දරුවෝ නම් දරුවෝම ය. සමේ පහන් හෝ කතාකරන බසෙන් ඔවුන් එකිනෙකාට වෙනස් වුවත් අන් කිසිවෙකින් ඔවුන් වෙනස් කොට දැක්වීමට කිසිවෙකුත් සමත් නොවේ. එනිසාම මෙයින් වසර ගණනාවකට ඉහතදී සිය සමාජයේ පැතිකඩක් බාහිර ලෝකයාට විවර කරමින් ගෆූර් ගුල්යාම් ලියු කෘතිය තවමත් විවිධ භාෂාවන්ට පරිවර්තනය වන විශ්වීය කෘතියකි. සර්වකාලීන කෘතියකි.
ඇලීම්, තහිජාන්, අමාන්, සලීහ්, පුලාන්හොජි, යුල්දාෂ්….ආදී බොහෝ වුන් ගැන අඩු වැඩි වශයෙන් ලියවුනු මේ කෘතිය යාන්තම් ළමාවිය පියමන් කරනා භද්‍ර යෞවනයන්ගේ කතාවකි.
හැම විටෙකම අකරතැබ්බ වලට මුහුණ දෙන, ගෙදරින් පිටට පැන ගිය කොලු ගැටයකු මුහුණ දෙන විටෙක බියත්, සැනෙකින් උපරිම හාස්‍යත් පිරි මේ ජිවන චාරිකා සටහන් ඉපැරණි මහා රුසියාවේ මුස්ලිම් ජනයා පිළිබඳ ලියවුනු සමාජ විවරණයක් බඳු කෘතියකි.
Reviews
There are no reviews yet.