සිත් ඇදගන්නා සුළු විෂයක් වන ආකාශ වස්තු විද්‍යාව පිළිබඳව කළ කෘතියකි. කුඩා දරුවන්ගේ නිරීක්ෂණ ශක්තිය වර්ධනය කිරීමට ‘අහස බැලීම’ වැදගත් කාර්යයක් ඉටුකරන බව නූතනයේ පිළිගැනීමක් පවතී. එය කෙසේ වෙතත් අහස දැකීම ලෝකය මෙන්ම විශ්වය පිළිබඳවත් දකින්නට වඩාත් තියුණු ඇසක් ජනිත කරවයි. දරුවන් ලෝකයේ පටු සීමාවන්ට සීමාවීම වලක්වාලමින් විශ්වීය අනාගතයක් උරුම මිනිසෙකු කිරීමට සමත්කම් දක්වන කෘති අතර ‘ළමයින්ට ඉර, හඳ, තාරකා ගැන කතා’ වෙසෙස් තැනක් ගන්නා කෘතියකි.
කෘතියේ අනුවාදක දැදිගම වි රුද්‍රිගු යනු සෝවියට් රුසියානු සමුහාණ්ඩුවේ ශිෂ්‍යත්වයක් මත රෙහිදීම උගත් වෛද්‍යවරයෙකු වූවෙකි. ඔහුගේ බොහෝ පරිවර්තන කෘති අතර මෙම කෘතිය සුවිශේෂී තැනක් ගනියි. විශ්වයේ තරු රටා පිළිබඳව අතැඹුලක් සේ දතහැකි මේ ළමා පොත ළමයින්ට පමණක් නොව විශ්වය පිළිබඳව කුහුලක් ඇති සැවොම කියවිය යුතු කදිම කෘතියකි.
Reviews
There are no reviews yet.