නිකොලොයි ඉවන්විච් ස්ලද්කොව් නොයෙක් මාර්ග දිගේ ගමන් කළේ ය. ඔහු මහ වැලිකතර ඔස්සේ සංචාරවල යෙදී සිටින අතර ගැඹුරු වළවලට බැස ඒවායේ පතුල පරීක්ෂණයට ලක් කළේය. ඔහුගේ අවධානයට ගල් ගුහා සහ ග්ලැසියර් නමැති හිම සහිත බිම් ලක් විය. සීමා රහිත ස්ටෙප්ස් භූමිවල ඇවිදිමින් වතුර යට වැදී ජලයේ පවතින ජීවිතය නිරීක්ෂණය කරමින් ඔහු බොහෝ සේ කාලය ගත කළේ ය. ඡායා රූප ගැනීම සඳහා පාවිච්චි වන කැමරා ඔහුගේ සංචාරවල නොවැරදෙන සගයෙකි. මෙතෙක් නොදත් දේ සමඟ හැම අලුත් හමුවීමක්, හැම නව ඇඳිනීමක්ද නිකොලොයි ඉවාන්විච්ට ප්‍රීතිය උපදවන උත්සවයකි.
ඒ ගැන ඔහු තම පොත් මගින් තොරතුරු සපයයි .
ඔහුගේ කතා සිත් ගන්නා ය.
උණුසුම් ගතියෙන් පිරිලා ය .
නිවැරදිය .ප්‍රබෝධයෙන් පිරිලා ය.
සොබාදහමේ මේ විවිධ පාටැති නොයෙක් කටහඬ සහිත පොහොසත් ලෝකය ගැන ළමයින් තුළ අවබෝධයක් සහ උනන්දුවක් ඇතිකිරීම අප ලඟින් තිබෙන ජීවිතය සරු කිරීම හා ආරක්ෂා කිරීම ඔහුගේ අදහසයි.
Reviews
There are no reviews yet.