ද්විඝටනාත්මක භෞතිකවාදය.-Dialectical Materialism.
Brand :
භෞතිකවාදය දෙවියන්, බඹුන් හෝ වෙනත් මනුෂ්‍යත්වයෙන් එතෙර වූ කිසියම් බලවතකු කෙරෙහි කිසිම විශ්වාසයක් නොතබන අතර ඔවුන්ගෙන් කිසිදු පිහිටක් නොපතයි.එය විශ්වාසය තබනුයේ මිනිසා කෙරෙහි ය. ලෝකය වෙනස් කිරීමට මිනිසාට ඇති ශක්තිය කෙරෙහි ය. ලෝකයේ සියලූ ගුප්ත රහස් තුළට එබී බැලීමට සමත් මිනිස් බුද්ධිය කෙරෙහි ය. භෞතිකවාදය ස්වභාවයෙන්ම සුබවාදී ජීවත් වීම කෙරෙහි විශ්වාසය තහවුරු කරන්න ප්‍රභාසම්පන්න දර්ශනයක් ය .එය මිනිසාගේ නියත ප්‍රභාස්වර අනාගතය කෙරෙහි ස්ථිර විශ්වාසයක් තබයි . එහෙයින් තමන් කරන කටයුත්තේ සාර්ථකත්වය හෝ යුක්ති සහගත බව ගැන කිසිම සැකයක් භෞතිකවාදය තුළ නොමැත.
Reviews
There are no reviews yet.