මෙහි කතා කරන්නේ හොද ළමුන් පිළිබඳවය. සමහර විටෙක දඟ වැඩ,මැරෑටි වැඩ සහ මෝඩකම් ද කරන නමුදු ඔවුහු හොද ළමෝ වෙති. යුද්ධයෙන් පසු ගෙවුණු අසීරුතා මැද ජිවත් වූ ළමුන් වූ ඔවුහු ජිවිතයේ සුබවාදිත්වය සහ මිත්‍රත්වයේ සුන්දර බව කියාපාති. ළමා වියට උරුම සොඳුරු සිහින ගැන කතුවරයා කතා කරන්නේ ඔවුන් හෙට දිනයේ වැඩිහිටියන් වෙන්නට සිටින අය බව හොදින් සිහියේ තබාගෙන අවංක සිතිනි, ‘මා සිතන්නේ දරුවන්ගේ දුක් කරදර හුදු සුළුපටු ඒවා නොවේ කියාය. දරුවන්ගේ දුක් කරදර වැඩිහිටියන්ගේ ද දුක් කරදර විය යුතුය. දරුවන්ට ඔවුන්ගේම වූ ශෝකයන් ඇත්තේය. තම අහිමිවීම් ගැන විදවීම් ඇත්තේය. මේවාට ගරු කල යුතු ය. මේවා බැරෑරුම්ව සැලකිය යුතු‘යි කියා ඔහු පවසයි. මේ පොත හෙට වැඩිහිටියන් වෙන්නට සිටින දරුවන්ට මෙන්ම ඊයේ දරුවන්ව සිටි අද වැඩිහිටියන්ටද එක සේ වැදගත් වෙනවා මෙන්ම රසවත් එකකි.
Reviews
There are no reviews yet.