” කෙසේවුවද සිය ජාත්‍යන්තර ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් එදා මෙදා තුර නොයෙකුත් ප්‍රතිසංස්කරණ ගෙන ආවද, දෙදහස් 2019දී මයිකල් මේයර් විසින් ‘නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතට “Still ‘Ugly’ After All These Years- වසර ගණනාවකට පසුවත් අප තාමත් අවලස්සනයි” මැයෙන් ලියු ලිපියකින් පෙන්වා දී තිබුණේ ඇමරිකානු විදෙස් සේවය තවත් ලෙඩෙරර් සහ බර්ඩික් පැවසූ තැනින් ඔබ්බට විත් නොමැති බවයි. ප්‍රකාශයට පත්වී වසර හැට පහකට ආසන්න කාලයක් ගෙවී ගියද අදටත් මේ කෘතිය වලංගු වන්නේ එබැවිනි.
ඇමෙරිකානු ආධාර වූ ව්‍යාප්තීන්හි අරමුණු ද මෙම කෘතිය තුල දැඩිව විවේචනයට ලක් වී තිබේ. දශක 6-7 තිස්සේ ඇමෙරිකානු ආධාර ලැබූ බොහෝ රටවල් තාමත් පසුවනුයේ දරිද්‍රතාවයේ පහලම අඩියේ ය . (එයට හොඳම උදාහරණය ශ්‍රී ලංකාවයි) ජාතීන්ට ස්වාධීනත්වය සහ ආර්ථික සෞභාග්‍ය ඇතිකරගැනීමට ආධාර දීම වෙනුවට ඔවුන් තමන්ට අවනතභාවයේ රඳවා ගැනීම උදෙසා ඔවුන්ගේ පාලකයන්ට ලබාදුන් දොළපිදේනි වෙනුවෙන් අදටත් පීඩා වෙන ජාතීන් කොපමණද?”
අවලස්සන ඇමරිකානුවා-THE UGLY AMERICAN
Brand :
Reviews
There are no reviews yet.