ජමිලා

රු250.00 රු200.00
or 3 X රු 66.67 with Koko Koko
SKU: 978-955-8499-45-5 Category:

සෝවියට් රුසියානු ලේඛක චිංගීස්  අයිත්මාතව්   විසින් රචිත කෙටි නවකතාවකි. ජමීලා කෘතිය අයිත්මාතව් විසින් රචිත පළමු කෙටි නව කතාව වේ.ජීවිතය ආදරය යුද්ධය මානුෂික හැඟීම් පිළිබඳ වටිනා කියවීමක් මෙම කෘතියේ අඩංගු වේ.

“තරුණයන්ගේ මේ සරදම නිසා කමතේ සිට හැම දෙනෙක් ම  සිනා සුනහ. තිරිඟු පොළොන  මහල්ලෝ තම උදලු අහකට දමා ඔවුන්ගේ සතුටු කඳුළු පිස දැමුහ.ඔවුන්ගේ දුඹුරු පැහැති  මුහුනේ රැළිවලින් ප්‍රීතිය  විදහා පෙන්වන ආලෝකයක් මතුවී ඔවුන් මොහොතකට තරුණ බව ලැබූවන් බවට පත් විය.

ජමීලා තරුණයන්ගෙන් බේරා ගැනීමට තමන් සතු ඊර්ෂ්‍යා සහගත වගකීම් මොහොතකට අමතක කරමින් මමත් සිත පුරා සිනාසුනෙමි.
සිනහා නොවූ  එකම පුද්ගලයා දනියාර් පමණකි. අහම්බෙන් මම ඔහු දුටුවෙමි . නිහඬවීමි. ඔහු කමතේ එහා  කොනේ  දෙපා පුළුල් කරගෙන හුදෙකලා ව සිටියේ ය. ඔහු  වහාම දිව ගොස් තරුණයන්ගෙන් ග්‍රහණයෙන් දැන්, දැන් ජමීලා  මුදා ගනිතැයි මට සිතිණි.”

Reviews

There are no reviews yet.

Be the first to review “ජමිලා”

Your email address will not be published. Required fields are marked *