මගේ පිටෙහි තියුණු වේදනාවක් දැනුණු අතර හිසෙන් ලේ ගලා යන්නට විය.එය කන අසලින් ගලා ගියේ සීතල වෙමිනි .මගේ අශ්වයා මාරාන්තික වේදනාවෙන් දඟලමින් දෙපා වනමින් නැගී සිටීමට තැත් කළේ ය. උගේ පපුවෙන් මරණාසන්නයේ දී ඇතිවන හඬ මතුවී උගේ හිස බිමට වැදිණි. දැන් ඇත්තේ උගේ මළකඳ පමණකි. දැන් ජීවමාන හැම දෙයක්ම නිහඬය. මා බිම වැටී සිටියේ නැගිටීමට පවා උත්සහ නොකරමිනි.දැන් ඉතින් දැන් ඉතින් ජීවිතය මට කිසිදු තේරුමක් නොදුන්නේ ය. මගේ එකම අභිප්රාය වූයේ සිය පණ හානි කර ගැනීමය . ලඟ ආගාධයක් තිබිණි නම් මම එහි ගැට්ට දක්වා බඩ ගා ගොස් පතුලට පැන දිවි නසා ගන්නෙමි. මිනිසුන් ඉදිරිපිට මා පෙනී සිටින්නේ කෙසේදැයි මම නොදත්තෙමි. ඒ මොහොතේදී අහසේ මන්දාකිණිය මට පෙනිණි. මන්දාකිණියේ අපැහැදිලි ක්ෂීරපථය අයිෂාගේ මුහුණේ තිබු වියළි කදුළු මතක්විය. ප්රථමයෙන් මම දණින් සිට,යළි දෙපයින් නැගිට සිට ගත්තද යළි බිම ඇද වැටුණෙමි……
Reviews
There are no reviews yet.