දේශපාලන සමාජ විද්‍යාව 1- Political Sociology 1.

රු400.00 රු320.00
or 3 X රු 106.67 with Koko Koko
SKU: 978-955-0983-40-7 Category:
Author: සමන් හඳරාගම. saman hadaragama

සෑම පුද්ගලයෙක්ම ඍජුව හෝ වක්‍රව දේශපාලන ප්‍රවාහය සහ ක්‍රමය සමඟ සම්බන්ධතාවයක් පවත්වයි .එහෙත්  යමෙක් කිසිදු දේශපාලන ක්‍රියාවක නොයෙදෙයි නම්  එය ද දේශපාලනයම  බව ඔහු හෝ ඇය නොදනී.දේශපාලනය  සමඟ පවුල, ආර්ථිකය, ආගම, අධ්‍යාපනය පමණක් නොව සමාජයේ සෑම අංගයක්ම සම්බන්ධ වී ඇත. ඒ නිසා “දේශපාලනය” නිවැරදිව අවබෝධ කරගැනීම අත්‍යවශ්‍ය සාධකයකි. දේශපාලනයේ සැබෑ ස්වරූපය සහ යථාර්ථය මතුපිටින් නොපෙනයි   ගැඹුරින් අධ්‍යයනය, පර්යේෂණ සහ විශ්ලේෂණය කිරීමෙන් පමණක් දේශපාලනයේ සැබෑ ස්වරූපය අවබෝධ කරගත හැකිය. දේශපාලනය අධ්‍යයනය කිරීමෙන් අවබෝධ වන්නේ සමකාලීන සමාජයේ පවතින්නේ “සමාජයක්” හෝ ආර්ථිකයක් පමණක් නොවන බවයි. ඒ අනුව “ගෝලීය දේශපාලන සමාජයක්” සහ “ගෝලීය දේශපාලන ආර්ථිකයක් ” ප්‍රතිනිර්මාණය වී ඇත.මෙය  ඉතා සංකීර්ණව  ජාලගත වී ඇත. මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වෙමින් සංකීර්ණත්වයට පත් වෙමින් පවතී. ආර්ථිකය, දේශපාලනය සහ සමාජය එකිනෙකාට බද්ධ වී ඇති මේ සංකීර්ණ තත්ත්වය අධ්‍යනය කිරීම  දේශපාලන  සමාජ විද්‍යාවේ කාර්යය වේ .

Reviews

There are no reviews yet.

Be the first to review “දේශපාලන සමාජ විද්‍යාව 1- Political Sociology 1.”

Your email address will not be published. Required fields are marked *