ප්‍රවීන සෝවියට් ලේඛක කොන්සතන්තින් පවුස්තොව්ස්කිගේ‘රන් රෝස‘නම් වූ මේ කෘතිය නිර්මාණ ලෝකයේ සෑම මුලික අංග ප්‍රත්‍යංගයක් ගැනම පාහේ සාකාච්ජා කරයි. අත්දැකීම් ලබා ගන්නා ආකාරය,නිර්මාණාවේශය,චරිත ගොඩනැංවීම,නිර්මාණකරනයෙහිලා භාෂාව හැසිරවීම,පරිකල්පනය හා අන්තර්ගතට අනුරූපීව ආකෘතිය හැඩගැස්සවීම ආදී හැම වැදගත් ලක්ෂණයක්ම මෙහි විස්තර වෙයි. පවුස්තොව්ස්කි මේ සියලු ගුණාංග විස්තර කරනුයේ පාඨකයා වෙත ඉතා රමණිය කතා පුවතක් ඉදිරිපත් කරන ආකාරයෙනි. කතුවරයා පාඨක අත සුහදව ගෙන,මග දෙපස අනේකවිධ වූ සුන්දර දැකුම් ඔහු වෙත දක්වමින්,එකී සුන්දරත්වයෙන් ඔහු වශී කරවමින්,පාඨක බුද්ධිය නොපාරා ඔහු හදවත අමතමින්,නිර්මාණ ලෝකයෙහි ඇති සියලූම මංපෙත් ඔස්සේ ආශ්වාදජනක වූද දීර්ඝ වූද ගමනක යෙදෙයි.
Reviews
There are no reviews yet.