දෙවන ලෝක යුද සමය අවසන්ව දශක හතකට අධික කාලයක් ගෙවී ගොස් ඇති අතර ජන සංහාරයන් පිළිබද අත්දැකීම් තවමත් ලෝකයෙන් තුරන්ව ගොස් නැති,ඒ වෙනුවට අපට වැඩි වැඩියෙන් දක්නට ලැබෙනුයේ එකිනෙකා මරාගැනීමට මිනිසුන් පොළඹවන පරිසරයන්ම පමණි. මෙහි ඇති අරුමය වනුයේ දෙවන ලෝක යුද සමයෙහි නාසි පාලනය යටතේ සිදු කරන ලද මනුෂ්‍යත්වයට නිගාදෙන කෘරත්වයන් සැබැවින්ම සිදු නොවුයේ යැයි සිතනා මිනිසුන් ද ලොව සිටිනා බැවිනි. ඉදින් යුද්ධයෙහි පළමු වෙඩිමුරය ඇරඹෙන විට පියානෝවෙහි තත් අතර අතැගිලි දුවවමින් සිටි තුරුණු යුදෙවුවකු වන ව්ලැඩිස්ලාවේ ස්පිල්මාන් යුද්ධයෙන් පසු තමන් යුද සමයෙහි ලත් කටුක අත්දැකීම් වදන්වලට ගොනු කර නිද්‍රෝපගත සමාජයට අවදිවන්නට බල කරයි. ඔහුගේ කෘතියෙහි එන වදන් ඔහුගේ පියානෝ වාදනයන් තරමටම සංවේදීය. හඳ පැහැරගන්නාසුළුය. අප මනුෂ්‍යත්වයට ගරු කරන්නේ නම් ස්පිල්මාන්ගේ අත්දැකීම් වලින් උගත යුතුය. අපට ජිවිතයට නව අරුතක් සපයන්නට හැක්කේ එවිටය.
Reviews
There are no reviews yet.