ජනතාවගේ ආහාර අවශ්‍යතා වෙනුවෙන් රටේ සත්ත්ව සම්පත අනුකම්පා විරහිතව ඝාතනය කිරීමට නිකුත් කෙරෙනා නිලදාරිවාදී ආඥා හමුවේ පරිසර තුලිතතාව බිදවැටීමෙන් පීඩනයට ලක්වන මිනිසා හා සත්ත්ව ජීවිතවල ඛේදවාචකයත් ආගමික සංස්ථාවේ අත්තනෝමතිකකම් ප්‍රශ්න කීරීම හමුවේ නෙරපනු ලබනා පුජකවරයෙකු මිනිසාට තමන් අදහන සත්‍ය වටහාදීමට යාමෙන් මුහුණදෙන ඉරණමත්,සමාජ විමුක්තිය උදෙසා අවංකව කැපවෙන විමුක්තිකාමියකු හට නිලදාරිවාදයෙන් එල්ලවන අසාදාරණයන් හරහා සමස්ථ සෝවියට් සමාජයේම අවසන් භාගය පිලිබද පුළුල් සිත්තමක් ඉදිරිපත් කෙරෙනා දංගෙඩිය යනු සෝවියට් සාහිත්‍යයේද අගනා මතක සටහනකි. දංගෙඩිය නමින් පරිවර්තිත මේ නවකතාව අයිත්මාතොව්ගේ කෘති අතර තේමාත්මක වශයෙන් මුළුමනින්ම වෙනස් මගක් ගත්තක් සේ සැලකිය හැකිය. ඔහු මේ කෘතිය පල කරන්නේ සෝවියට් දේශයේ අර්බුද මෝරා එමින් පැවති සමයකය. සෝවියට් දේශය ලෝක සිතියමින් මැකී ගොස් තිබුනද අයිත්මාතොව් තම කෘතිය හරහා මතු කරන විවේචනය වාමාංශික ව්‍යාපාරවල අද ඉන්නා ක්‍රියාධරයන්ගේ අවදානයට යොමු කීරීම ඉතා වැදගත් වෙයි
Reviews
There are no reviews yet.