ලස්සන වසිලීස්සා – රුසියන් සුරංඟනා කතා.Vasilisa the Beautiful

රු2,000.00 රු1,600.00
or 3 X රු 533.33 with Koko Koko
SKU: 9789558499474 Category:

එකෝමත් එක රටක බොහොම ඉස්සර කාලේ එක පුංචි ගෙදරක මහල්ලෙකුයි මැහැල්ලකයි හිටියා. මේ දෙන්නාටම හිටියේ එකම එක දුවක් විතරයි. එයාගේ නම වසිලීස්සා.  ඒගොල්ලො බොහෝම හොඳට ජීවත් වුණා. හිටිහැටියෙම ඒගොල්ලන්ට විපතක  සිදුවුණා. වසී වසිලීස්සාගේ මහලු  මව අසනීප වුණා. ඇගේ මරණය ළං වුණා. අම්මා වසිලීස්සාට  කතා කරලා, ඈට  බෝනික්කෙකු දීලා මෙහෙම කිව්වා.

“අනේ හොඳ දුවේ, මේ බෝනික්කාව කාටවත් එහෙම පෙන්නන්නෙ නැතුව පරෙස්සම් කර ගනින්. නුඹට විපතක් සිදු වුණොත් බෝනික්කාට කෑම ටිකක් දීලා උපදෙස් ලබා ගනින්. එයා නුඹට  පිහිට වේවි”

අම්මා වසිලීස්සාව  සිපගත්තා. ඊට පස්සේ ඈ  මළා .

වසිලීස්සාගේ  මහලු පියා ටික කලක් දුක් වුණා. පසුව ඔහුව  වෙනත් කාන්තාවක් විවාහ කර ගත්තා. තාත්තා හිතුවේ ඈ හොඳ කෙනෙකු හැටියටයි.එහෙත් ඈ නපුරුයි. වසිලීස්සාව  කුඩම්මාට බාරදුන්නා.

Reviews

There are no reviews yet.

Be the first to review “ලස්සන වසිලීස්සා – රුසියන් සුරංඟනා කතා.Vasilisa the Beautiful”

Your email address will not be published. Required fields are marked *