077 2583 942
kadullabooks@gmail.com
ජමිලා -jamila
ජමිලා -jamila
CHINGIZ AITMATOV-චිංගීස් අයිත්මාතව්
DADIGAMA V. RODRIGUO-දැදිගම වි.රැද්රිගු
Rs:200.00 Rs:250.00
තරුණයන්ගේ මේ සරදම නිසා කමතේ සිටි හැම දෙනෙක්ම සිනාසුනහ. තිරිඟු පොළන මහල්ලෝ තම උදළු අහකට දමා ඔවුන්ගේ සතුටු කඳුළු පිස දැමූහ. ඔවුන්ගේ දුඹුරු පැහැති මුහුණේ රැළි වලින් ප්‍රීතිය විදහා පෙන්වන ආලෝකයක් මතු වී, ඔවුන් මොහොතකට තරුණ බව ලැබූවන් බවට පත් විය. ජමිලා තරුණයන්ගෙන් බේරා ගැනීමට තමන් සතු ඊර්ෂ්‍යා සහගත වගකීම මොහොතකට අමතක කරමින් මමත් සිත පුරා සිනා සුනෙමි. සිනහ නොවූ එකම පුද්ගලයා දනියාර් පමණකි . අහම්බෙන් මම ඔහු දුටුවෙමි. නිහඬ වීමි . ඔහු කමතේ එහා කොනේ දෙපා පුළුල් කරගෙන හුදෙකලාව සිටියේ ය. ඔහු වහාම දිව ගොස් තරුණයන්ගේ ග්‍රහණයෙන් දැන් දැන් ජමීලා මුදාගනිතැයි මට සිතුනි...
Cart Added