077 2583 942
kadullabooks@gmail.com
සුරංගනා  දේශයෙන්  යාළුවෝ
සුරංගනා දේශයෙන් යාළුවෝ
නවාංජනා සිතුමිණි
Rs:400.00 Rs:500.00
චිත‍්‍ර-වර්ෂා විජේරත්න ‘සුරංගනා දේශයෙන් යාලූවෝ‘ කතාවේ කතුවරිය සහ චිත‍්‍ර ශිල්පිනිය යන දෙදෙනාම තම කුළුඳුල් ග‍්‍රන්ථ තනිව ප‍්‍රකාශනයට පත් කර තිබුණ ද, එක්ව නිර්මාණය කර ඇති පළමු කෘතිය මෙයයි. දෙදෙනාම (2022* වසරේදී උසස් පෙළ අධ්‍යාපනයය සම්පූර්ණ කළ තරුණ නිර්මාණ ශිල්පිනියන් වේ. මෙම කතාවේ එන කතා නායිකාව සංවේදී ගතිගුණ ඇති ආදරණීය පුංචි දැරිවියකි. ඇය සහකම්පනය එහි වටිනාකම සියලූ දරුවන් වෙත සමීප කරවයි. ”ඔයා දන්නවා ද මගේ පුංචි නෝනා, සුරංගනා දේශයට යන්න පුළුවන් ගොඩාක් හො`ද ගතිගුණ තියෙන මිහිරි මිනිසුන්ට...” ”මිහිරි මිනිස්සු කියන්නේ කාටද අම්මා...?” ටෙසී ඇසුවා. ”ඒ කියන්නේ දුව, හිත පිරිසිදු, ලස්සන ආදරණීය මිනිසුන්ට. හරියට ඔයා වගේ. එයාලට පුළු‍වන් හීනෙන් හරි සුරංගනා දේශයට යන්න.” අම්මා ටෙසීගේ හිස අතගාමින් කීවා.
Cart Added